මලල ක්‍රීඩක ඉසුරු ලක්ෂාන්, උත්තේජක මර්දන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවෙන් නිදහස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ශිරෝමි පිලපිටිය ඒ සම්බන්ධයෙන් ඔහුට ලිඛිතව දැනුම් දී ඇති අතර එම ලිපියේ දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කමිටුව මීට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.











