ඊශ්රායලයේ ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය අද සිට සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ටෙල්අවිව් ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා ගමන් කිරීමට නියමතව තිබෙනවා.
ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමින් මේ බව සඳහන් කළා.
එම ගුවන්යානය හෙට උදේ 06.15ට කොළඹ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.
ඕමානය හා මාලදිවයින ඊශ්රායිල් ගුවන් යානා සඳහා ගුවන් අවකාශය තහනම් කිරීම හේතුවෙන් මෙම ගුවන් යානය සීෂෙල්ස් හරහා ගොස් කොළඹට පැමිණීමට හා කොළඹ සිට ටෙල් අවිව් බලා ගමන් කිරීමට පැය 09.15 කාලයක් ගත වෙනු ඇති.
හෙට රාත්රී 22.30ට කොළඹින් පිටත්වන IZ 640 ගුවන් යානය බ්රස්පතින්දා උදෑසන 05.35ට ටෙල්අවිව් බලා පැමිණීමට නියමිතයි.
ඊශ්රායලයේ සංචාරකයන් ඉලක්ක කර පියාසර කරන මෙම ගුවන් යානය සතිපතා එක්වරක් ක්රියාත්මක කරන බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා.











