රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය 01Kg 556g සමග තායිලන්තයේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අද අලුයම අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ වයස අවුරුදු 36ක්.
මොහු කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඉන්දියාවේ බැංගලෝර් වෙත පැමිණ අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
මෙම මත්ද්‍රව්‍ය රැගෙනවිත් ඇත්තේ සැකකරුගේ රැගෙන ආ ගමන් මල්ලේ ඇසුරුම් 03ක් තුළ සඟවායි.











