ක්‍රීඩා

2025 ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට..

ඉන්දු – පාකිස්ථාන කණ්ඩායම් එකිනෙකා ගැටෙන 2025 ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව, කණ්ඩායම් නායකයා තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි.

අද (28) පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.00ට ඇරඹුණු අතර, තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

ඉන්දීය කණ්ඩායම මේ වන විට තරගාවලියේ කිසිදු තරගයක් පරාජය නොවී අපරාජිතව අවසන් මහා තරගය තෙක් පැමිණි අතර, පාකිස්ථානය මෙම තරගාවලිය තුළ ඉන්දියාව හමුවේ ක්‍රීඩාකළ තරග දෙක පමණක් පරාජයට පත්වී තිබෙනවා.

Shares: