විදෙස්

එක්සත් රාජධානියේ වැඩ කිරීමට ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය වෙයි..

 

නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමේ අරමුණක් ලෙස, එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කිරීමට නියමිතව තිබෙනවා.

නව ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා ක්‍රමය මඟින් එක්සත් රාජධානියේ නීතිවිරෝධී ලෙස සේවය කිරීම දුෂ්කර වන අතර එමගින් පුරවැසියන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සඳහන් කර තිබෙනවා.

කම්කරු පක්ෂය බලයට පත්වීමෙන් පසු කුඩා බෝට්ටුවලින් සංක්‍රමණිකයන් 50,000කට වැඩි පිරිසක් පැමිණීමත් සමඟ නීතිවිරෝධී සංක්‍රමණ ගැටලුව විසඳීම සඳහා රජයට පීඩනයක් එල්ල වී ඇති පසුබිමක මෙවන් ක්‍රියාමාර්ගයක් ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ හේතුවෙන් , නව ඩිජිටල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එරට නීති විරෝධී ලෙස වැඩ කිරීම දුෂ්කර වන අතර දේශසීමා වඩාත් ආරක්ෂිත කරන බව වාර්තා වන්නේ.

Shares: