ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3ක් සමඟ වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට ඇප නියම කර තිබෙනවා.
අද (29) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
මොහු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟයි.
නීතිවිරෝධී ලෙස මෙම රථවාහන මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බව සඳහන්.
මෙම වාහන අතර ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 03ක් සොයාගෙන තිබුණා.
රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කර මෙම වාහන ලියාපදිංචි කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.











