අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් එම ගැසට් පත්‍රය නිකුත්කර තිබෙනවා.











