මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය අසල තිබියදී නාදුනන මළ සිරුරක් හමුවී ඇතැයි නාඋල පොලිසිය පවසනවා.
අවුරුදු 55ක් පමණ පෙනුමක් ඇති මෙම මළ සිරුර සම්බන්ධයෙන් නිසි තොරතුරක් වාර්තා වී නැහැ.
එබැවින් එම සිරුර හඳුනා ගැනීම සඳහා මහජන සහය පතන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ මළ සිරුර පසුගිය 13 වැනිදා හමු වී ඇති අතර ඔහු මුහුණ පුරා රැවුල වවා තිබූ බවත්, නිල් පාට කොට කලිසමක් හැඳ සිටයි ඇත්තේ.
එම දේහය දැනට කැකිරාව මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් නාඋල පොලිසියේ 066-2246222 දුරකතනය අංකයට දැනුම් දිය හැකියි.











