මේ වනවිට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත්, එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවසනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමිනුයි ඔවුන් මේ බව සඳහන් කළේ.
එමෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ ආරක්ෂිත විශේෂාංග වැඩිකොට සකස් කළ නව රියදුරු බලපත්‍රය ද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බවයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බව එහිදී ඔවුන් කාරක සභාවට දන්වනු ලැබුවා.
නිකුත් කිරීමට පවතින රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමටයි මෙහිදී කාරක සභා සභාපතිවරයා, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
එමෙන්ම වාහන අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව එහිදී ඔහු නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් සිදු කළා.
මෙහිදී එම නිලධාරීන් කාරක සභාවට පැවසුවේ මේ වනවිට ඒ සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවත්, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව එම ක්‍රියාවලිය අවසන් කර අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බවයි.
තවද දැනට ක්‍රියාත්මක මගී ප්‍රවාහනය සම්බන්ධ ඒකාබද්ධ කාලසටහන පිළිබඳවද මෙහිදී සාකච්ජාවට ලක් කළා.
එම කාලසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් බැවින් එහි පවතින අඩුපාඩු හඳුනාගෙන වඩාත් කාර්යක්ෂම සේවයක් මගීන්ට ලබාදීමට, ඉදිරියේ දී තවත් ප්‍රදේශවලට මෙය හඳුන්වාදීමට සූදානම් බවයි කාරක සභා සභාපතිවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
එහිදී ඔහු කරුණු ඉදිරිපත් කළේ දුම්රිය මාර්ගවලදී අලි ඇතුන්ට සිදුවන අනතුරු අවමකර ගැනීමේ නියමු වැඩසටහනක් පිළිබඳවයි.
ඒ අනුව රුපියල් මිලියන 2.8ක මුදලක් වැය කරමින් මඩකලපුව මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා දුර පෙනෙන තාක්ෂණය සහිත කැමරා සවි කිරීමට කටයුතු කරන බව ද පැවසුවා.
ඒ ඔස්සේ වන අලි දුම්රියේ ගැටීම් අවම කරගැනීමට පවතින අවස්ථාව පිළිබඳව නිරීක්ෂණය කරන බවයි කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රදේශවල පවතින ගැටලු හා ඒවාට අවශ්‍ය විසදුම් පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.











