හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යනවිට ඒ මහතා 64වන වියේයි පසුවූයේ.
1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළා.
පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා ඇති හෙතෙම 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට බිඳ හෙළු ටෙස්ට් කඩුලු ගණන 32ක් වන අතර එක්දින කඩුලු ගණන 6ක්.
ඔහුගේ ක්‍රීඩා දිවියෙන් පසු වර්ණවීර මහතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ භාරකරු ලෙසයි කටයුතු කළේ.











