දේශීය

කැරට් 24 රන් පවුමක මිල ලක්ෂ 4 පනී

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා

එහිදී අද පෙරවරුව වන විට කැරට් 24 රන් පවුමක් මිල රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ.

එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල ද රුපියල් 379,200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම සංගමය වැඩිදුරටත් පැවසුවේ ඊයේ දිනයට සාපේක්ෂව අද රුපියල් 15,000කින් රන් මිල ඉහළ ගොස් ඇති බවයි.

Shares: