Global Platform For All Sri Lankans

ජනාධිපති ජෝ බයිඩන් ජනපතිවරණයෙන් ඉවත් වෙයි..

 

“එය මගේ පක්ෂයට සහ රටේ යහපතට හේතු වේ” යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජනධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කරනු ලැබුවා.

පසුගිය ජූනි මස අවසානයේ රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විවාදයකින් අනතුරුව ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයක් ඔහුට එල්ල වුණා.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ජනාධිපති ධුරයට පත්වීම තම ජීවිතයේ ලද ලොකුම ගෞරවය බවයි.

එමෙන්ම, එහි ඔහු සඳහන් කර ඇත්තේ “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.” යනුවෙන්.

කෙසේ වෙතත්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බව නිවේදනය කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads