දේශීය

රජයේ රැකියාවක් දෙන බව පවසා අල්ලස් ගත් 02ක් අල්ලයි

ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරාය අධිකාරියේ කම්කරු රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රු.245,000ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රැකියාව ලබා දීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අවශ්‍ය බව මෙම සැකකරුවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පවසා ඇති අතර ඒ සඳහා පළමුව රුපියල් ලක්ෂ 2.5ක් ලබා දෙන ලෙසටත් ඉතිරි මුදල් රැකියාව ලැබුණු පසු ලබා දෙන ලෙසත් පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Shares: