සාවද්‍ය චෝදනා සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
වරුණ රාජපක්ෂ නමැති පුද්ගලයකු විසින් සමාජගත කිරීමට යෙදුණු සාවද්‍ය සහ අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට අපහාසයක් සිදු වී ඇති හෙයින් ඒ අනුව සිදු වූ අලාභය ඉල්ලා මෙසේ ඔහු වෙත එන්තරවාසියක් යොමු කර ඇති බවටයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු දැනුම් දෙන්නේ.
පසුගිය දිනවල යූටියුබ් නාලිකාවක් හරහා අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සම්බන්ධයෙන් සාවද්‍ය කාරණා සමාජ ගත කර තිබුණා.











