ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2015 වසරේ දී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා (කොකුන්) 50ක් ආනයනය කිරීම මඟින් සංස්ථාවට රු 99,679,799.70ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් භාහිර පාර්ශ්වයන්ට සලසා දීම ඔහුට එල්ලවන චෝදනාවයි.
අද (31) උදෑසන 8.30ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දීයි හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.











