යටියන්තොට, කිරිපෝරුව වතුයායේ රබර් කම්හලක සිදුවු පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රබර් කිරි සමඟ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන බොයිලේරුවක් අද (02) උදෑසන මෙලෙස පුපුරා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.
පිපිරීමෙන් අදාළ බොයිලේරු යන්ත්‍රය අසල සේවය කරමින් සිටි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්.
මියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගයෙක්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් තිදෙනා කරවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.











