දේශීය

මිලියන 21කට වඩා වටින කුෂ් මත්ද්‍රව්‍ය සමග අයෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි හරහායි මෙරට පැමිණ ඇත්තේ.

ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2.7කට ආසන්න තොගයක්ද එහිදි රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙක්.

එමෙන්ම සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇත්තේ ඔහුගේ ගමන් මලු තුළ සඟවායි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දෙනු ලැබුවා.

Shares: