ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.
එය සිදුවන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටවූ කමිටුවක් මගින්.
ඒ අනුව නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන මුදල රුපියල් 25,000ක්.
නැවත පදිංචියට , ගෘහ උපකරණ මිලදී ගැනීමට රුපියල් 50, 000 ක මුදලක් නිවසේ අයිතිය නොසලකා එක් නිවසකට එකවරක් පමණක් දීමනාවක් ලෙස ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම ආපදාවෙන් නිවාස අහිමි හෝ සම්පූර්ණයෙන්ම ජීවනෝපාය අහිමි වු පවුල් සදහා සාමාජිකයන් දෙදනෙකු හා ඊට අඩු පවුල්වලට රුපියල් 25,000 බැගින් ද සාමාජිකයන් දෙදෙනෙකුට වැඩි පවුල් සඳහා රුපියල් 50, 000 ක් බැගින් ද මාස තුනක් යන තුරු ලබාදෙනු ඇති.
පදිංචි වීමට නිවසක් නොමැති පවුල්වලට කුලී නිවසක රැදී සිටීමට උපරිම මාස හයක් දක්වා රුපියල් 25,000 බැගින් ලබාදෙනු ඇති.











