Global Platform For All Sri Lankans

” ඔවුන් අවසන් තුරුම්පුව ලෙස එක වේදිකාවකට පැමිණීම ගැන දැන් සාකච්ඡා කරමින් ඉන්නවා ” අනුර කුමාර..

 

ජාතික ජන බලවේගයට එරෙහිව එක් වේදිකාවක් ගොඩනැගීමට පාර්ශව කිහිපයක් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

දේශපාලන පොරපිටිය පෙළගැසී ඇති ආකාරය විමර්ශනය කිරීමේදී ජාතික ජන බලවේගයට මෙය ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි බවට සහතික බවයි ඊයේ (30) තවලවතුගොඩ ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට අනෙකුත් පාර්ශව අවසන් තුරුම්පුව එළමින් ඇති බවත් සියල්ලන්ම එක වේදිකාවකට ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ වී ඇති බවද ඔහු සඳහන් කළා.

එකම කණ්ඩායම් විවිධ පාර්ශවලට බෙදී සිටීමෙන් පරාජය සහතික වන නිසා ඔවුන් මේ වන විට ඒකාබද්ධතාවයට පැමිණීමට උත්සාහ දරමින් ඇති නමුත් මේ වන විට ඒ සඳහා ප්‍රමාද වැඩි බවයි ඔහු ප්‍රකාශ කලේ.

එසේම ජනතාවගේ අරමුණ සහ පාලකයින්ගේ අරමුණ එකක් වන ආණ්ඩු නිර්මාණය කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads