Global Platform For All Sri Lankans

එක්ස් ගිණුම් ගැන ඇහෙන නවතම ආරංචිය

 

සිය රට තුළ එක්ස් සමාජ මාධ්‍යයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට බ්‍රසීල විදුලි සංදේශ නියාමන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එක්ස් සමාජ මාධ්‍යය හරහා අසත්‍ය තොරතුරු පැතිරවීම වළක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලබාදුන් නියෝගයකට අනුව එක්ස් සමාජ මාධ්‍යයේ හිමිකරු වන එලොන් මස්ක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදුලි සංදේශ නියාමන බලධාරීන් සදහන් කර අත්තේ.

මාස ගණනාවක් පැවති නඩු විභාගයකදී ඇලෙක්සැන්ඩර් ද මොරායස් නැමති විනිසුරුවරයා එලොන් මස්ක් වෙත අධිකරණ නියෝගයක් ලබාදී තිබුණේ එක්ස් සමාජ ගිණුම් කිහිපයක් තහනම් කරන ලෙසටයි.

එමෙන්ම එක්ස් ගිණුම සඳහා බ්‍රසීලයේ නීත්‍යානුකූල නියෝජිතයෙකු නම් කිරීම සඳහා නිශ්චිත කාලවකවානුවක්ද ලබාදී තිබුණු බවද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads