Global Platform For All Sri Lankans

උපකාරක පන්ති ආශ්‍රිතව මැතිවරණ නීති අවභාවිත වනවාලූ..

 

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (31) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

උපකාරක පන්ති ආශ්‍රිතව ජනාධිපතිවන්නේ කවුරුන්ද , යන්න පිළිබඳව සමීක්ෂණ සිදුවෙන  බව මේ වන විට වාර්තා වන්නේ.

එය අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක් බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම, ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,482 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 612ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 870ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඉන් පැමිණිලි 1,419 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads