Global Platform For All Sri Lankans

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයට කිසිදු පාර්ශ්වයක් ඇප තබා නෑ.. 

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එහි සඳහන් ව ඇත්තේ, පසුගිය 26 වැනිදා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුවද ඊයේ (30) දින දක්වා කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බවයි.

ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහාන් 12 දක්වා සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය 26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads