Global Platform For All Sri Lankans

දින 8ක් එකදිගට කොටස් වෙළෙඳපොළ පහළ බසියි..

 

අඛණ්ඩව 8 වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් ඊයේ (30) දින වාර්තා වුණා.

ඊයේ දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 11.67 කින් පහළ යනු ලැබුවා.

ඒ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,869.07 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 3,058.60 ක් ලෙසත් වාර්තා වුණා. එසේම ඊයේ දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 759.43 ක් ලෙස සටහන් වුණා.

සියලු කොටස් මිල දර්ශකයට අනුව 2024 මුල් මාස 08 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 2.02% ක වර්ධනයක් වාර්තා කරන අතර S&P SL20 දර්ශකයට අනුව එය 0.32% ක පරිහානියක් පෙන්නුම් කරනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads