Global Platform For All Sri Lankans

මැතිවරණ නීති කැඩු 22කට මාංචු..

 

ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසනවා.

මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි.

“මැතිවරණයට අදාළව පැමිණිලි 173ක් වාර්තා වෙලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට. එම පැමිණිලි අපි වර්ග කරනවා අපරාධමය ස්වභාවයේ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ පැමිණිලි කියලා. මැතිවරණ නීති උල්ලංගනය කිරීම්වලට අදාළය පැමිණිලි 119ක් අපරාධමය ස්වභාවයේ පැමිණිලි 54ක් විදියට මේ 173 වර්ග කරලා තියෙනවා. විශේෂයෙන්ම පහරදීම් අනර්ථය සිදුකිරීම් ගිනි තබා යම් කිසි ආකාරයකට විනාශ කිරීම් වැනි දේවල් . මේ වන විට ආධාරකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පෞද්ගලික වාහන 4ක් අත්අඩගංවට අරගෙන තියෙනවා.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවකදී

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads