Global Platform For All Sri Lankans

Lanka Hit News

මිහිදන් කළ රජුගේ දියණිය කිරුළු පළදියි..

 

නවසීලන්ත ස්වදේශිකයන්වන මඕරීවරුන්ගේ නායකයා පසුගිය සතියේ මිය ගොස් තිබෙනවා.

නමින් Kiingi Tuheitia Pōtatau Te Wherowhero VII ඔහුගේ දේහය තැන්පත් කිරීමෙන් පසුව, නව රැජින ලෙස විසිහත් හැවිරිදි Ngā Wai hono i te pō ව පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නවසීලන්තයේ අටවන මාඕරි රජු ලෙස කිරුළු පැළඳි ඇයව නවසීලන්තයේ ස්වදේශික මාඕරි ප්‍රධානීන්ගේ කවුන්සිලයක් විසින් තෝරා ගෙන ඇති බව සඳහන්.

ඇය දෙවන මාඕරි රැජිනවන අතර, ඇගේ මිත්තණිය Te Arikinui Dame Te Atairangikaahu පළමුවන රැජින ලෙස කටයුතු කර තිබුණා.

නවසීලන්තයේ රජු Kiingi Tuheitia පසුගිය සිකුරාදා මිය ගිය අතර, ඒ වන විට ඔහු 69වන වියේ පසුවුණා.

ඔහු Ngā Wai hono i te pō රජුගේ බාලම දරුවා ලෙසයි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads