Global Platform For All Sri Lankans

දයාසිරි ට වාරණයක්…

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන විසින් අද (05) නිකුත් කර තිබෙනවා.

දයාසිරි ජයසේකර විත්තිකරු කරමින් වේළු කුමාර විසින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුවයි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

සමගි ජන බලවේගය අකුරැස්සේ සංවිධානය කළ මහජන රැළියකදී දයාසිරි ජයසේකර විසින් කරන ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින්, මෙම නඩුව පවරා තිබූ අතර අදාළ අසත්‍ය හා දේවේශ සහගත ප්‍රකාශයෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසද පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ ප්‍රකාශය තවදුරටත් දයාසිරි ජයසේකරගේ ෆේස්බුක් පිටුවේ හෝ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වලක්වා ලමින් වාරණ නියෝග නිකුත් කළ අතර, දයාසිරි ජයසේකර ට අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කරමින් ලබන දහ නමවෙනි දින අධිකරණයට කරුණු දක්වන ලෙසට නියෝග කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads