Global Platform For All Sri Lankans

Lanka Hit News

ප්‍රදේශ රැසක අනතුරු නිසාවෙන් , අහිමි වූ ජීවිත..

 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

කුරුණෑගල – මීගමුව මාර්ගයේ වීරඹුගෙදර ප්‍රදේශයේ දී යතුරුපැදියක මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු 68 හැවිරිදි කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මේ අතර, කොළඹ – පුත්තලම මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් 26 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළා.

එමෙන්ම යාපනය – පරන්තන් මාර්ගයේ, පරන්තන් ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇති බව සඳහන් වුණා.

එසේම, කිලිනොච්චිය උරුතිරපුරම් ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ ආසන්නයේ තිබූ කාණුවකට වැටීමෙන් සිදුවු අනතුරෙන් පැදිකරු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ, 32 හැවිරිදි තරණිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව යි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද(12) රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙනු ඇති. මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads