Global Platform For All Sri Lankans

ඡන්ද ලකුණු කිරීමේ තුන්වැනි දිනය අද..

 

2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අදයි.

ඒ අනුව, තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ඡන්දය සටහන් කිරීමේ අයිතිය හිමිවනවා.

ඒ සඳහා, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,500කට අධික සංඛ්‍යාවක පහසුකම් සලසා තිබෙනවා.

අද ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල කාර්යය මණ්ඩලය සඳහා ද තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

මෙසේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 වැනිදා සහ 12 වැනිදාද ඡන්දය සලකුණු කළ හැකියි.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads