Global Platform For All Sri Lankans

මුසම්මිල් සහ නන්දිමිත්‍ර සමග හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් සජිත්ගේ වේදිකාවට.. 

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මිනුවන්ගොඩ නගරයේ ඊයේ (05) පැවැත්වුණු ජන රැලියට ඒ.ජේ.එම්. මුසම්මිල් සහ නන්දිමිත්‍ර ඒකනායක එක් වී තිබෙනවා. 

 

එසේම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නෙකු වන තිළිණ තුෂාර මිරැන්ඩු ද සජිත් ප්‍රේමදාස ට සහාය පළ කරමින් එම වේදිකාවට ගොඩ වී තිබෙනවා.

මුසම්මිල් 2011 සිට 2016 දක්වා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළ අතර, 2017 – 2019 යහපාලන ආණ්ඩුව සමයේදී ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔහුව 2019 වසරේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙන  අතර 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුව ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කර තිබෙනවා.

එසේම, නන්දිමිත්‍ර ඒකනායක හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ හිටපු මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයෙක්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads