Global Platform For All Sri Lankans

සිංගප්පූරුව සමකළ අඩුම ලකුණු ලෝක වාර්තාව..

මොංගෝලියානු කණ්ඩායම ලකුණු 10කට දවාගනිමින් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව සමකිරීමට සිංගප්පූරුව ඊයේ (05) සමත් වුණා.

 

එළඹෙන විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය ‘ඒ’ කොටසේ තරගාවලියේදී සිංගප්පූරුව මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

මැලේසියාවේ බංගිහිදී පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් මොංගෝලියානු ඉනිම ලකුණු 10කට සීමා වූ අතර, ඉන් ලකුණු 02ක් අතිරේක ලකුණු වීමද විශේෂත්වයක්.

මොංගෝලියානු ඉනිමේ පිතිකරුවෝ පස් දෙනෙකුම එකඳු ලකුණක් හෝ රැස්නොකරම දැවීගිය අතර, ඉහළම ඉනිමද ලකුණු 02කට සීමා වුණා.

කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ සම අයිතිය හිමි අනෙක් රට ස්පාඤ්ඤය වන අතර, ඔවුන් ඉකුත් වසරේ පැවති තරගයකදී යුරෝපියානු දිවයිනක් වන Isle of Man කණ්ඩායම ලකුණු 10කට දවාගෙන තිබෙනවා.

මෙහිදී මොංගෝලියානු ඉනිම සම්පූර්ණයෙන් අසරණ කරමින් සිංගප්පූරුව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හර්ෂ භරද්වාජ් ලකුණු 03කට කඩුලු 06ක් දවාගැනීමට සමත් වී තිබෙනවා.

මෙම පන්දු යැවීමද ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී පන්දු යවන්නෙකු දැක්වූ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසිනුත් වාර්තා අතරට එක් වෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads