Global Platform For All Sri Lankans

කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරෙයි..

 

කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික‍්‍රමසිංහ අතින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරුණා.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එය සමන්විත වනවා. 

One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර, ඒ සමග කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇති. 

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, IMF සහ මෙරට විදෙස් ණයහිමියන් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට ගියහොත් ඉදිරිය ගැන බලාපොරොත්තු තබාගත නොහැකි බවයි.

ආරම්භ කළ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනගිය හොත් රටට යහපත් අනාගතයක් උදාවෙන බවද ජනපතිවරයා මෙහිදී සදහන් කළා.

ඊට එක්ව සිටි අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ, වරාය නගරයේ මුල්‍ය කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය රෙගුලාසි මේ වන විට  පාර්ලිමේන්තුව  සම්මත කර ඇති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads