Global Platform For All Sri Lankans

අනුරට කරදරයක් ?

 

පසුගිය දිනවල එක දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ අනුර කුමාර දිසානායක තරමක අසනීප තත්වයකින් පසුවන බවත්, වෛද්‍ය උපදෙස් අනුව ඔහු එක දිනයක විවේකයක් ලබාගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා ..

“ඇත්තටම මේ රැස්වීමට මම එන්න හිටියෙ නෑ. මම අද බදුල්ලේ යන්න හිටියෙ, බදුල්ලේ ජනහමු කීපයක් තිබ්බා. නමුත් මම බදුල්ලේ යන එක නවත්තලා මෙතෙන්ට ආවෙ මොකද, අද මෙතෙන්ට අපේ අනුර දිසානායක ට එන්න වෙන්නෙ නැති නිසා.

කලබල වෙන්න දෙයක් නෙවෙයි. මොකද පහුගිය ටිකේම අනුර සහෝදරයා ගොඩාක් මහන්සි වුණා, නිදිමැරුවා, ඒ නිසා අසනීප වුණා මේ වෛරස් උණ හැදිලා. එහෙම තියෙද්දීත් වැඩ කළා. අද පොඩ්ඩක් වැඩිවෙලා තියෙන්නෙ අසනීප තත්ත්වය.

ඒ නිසා දොස්තර මහත්තුරු අපට තදින්ම ඉල්ලීමක් කළා අනුර ට විවේකයක් දෙන්න කියලා. එතකොට හෙට ඉඳන් වැඩකරන්න පුළුවන්.

අනුර හෙට සිට ආයෙ මේ වැඩේට බහින්න ඕනෙකම තියෙනවා, අද පොඩි විවේකයක් දීලා”

පසුගිය දා දෙයියන්දරදී පැවති ජන රැලියක් අමතමින්, ටිල්වින් සිල්වා මෙම පණිවුඩය දන්වා සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads