Global Platform For All Sri Lankans

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණත් , ඡන්දය සලකුණු කිරීමට බාධාවක් නෑ..

 

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා.

පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ, අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවයි.

“මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා පත්‍රය. හැබැයි මේ ආරාධනා පත්‍රය ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බාධාවක් වෙන්නේ නෑ. අපි විශ්වාස කරනවා සෑම ඡන්ද දායකයෙකුගේම අතට මේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබෙයි කියලා.

තමන්ගේ ඡන්ද පොළ තමන් දන්නවා නම්, තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුව තිබෙනවා නම් ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා.

මේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට පහසුවක් වේවි ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සහ ඔබේ අංකය හඳුනාගැනීම සඳහා, හැබැයි ඒක ඔබට නොලැබුණත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් බිය විය යුතු වන්නේ නෑ. ඡන්දය පාවිච්චි කිරීමට එය බරපතළ බාධාවක් වෙන්නේ නෑ.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads