Global Platform For All Sri Lankans

ඇල්පිටියේ පුංචි ඡන්දයට අද සිට නාමයෝජනා භාර ගැනෙයි..

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළව අද සිට නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, ලබන 12 වනදා මධ්‍යහ්න 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අදාළ නාමයෝජනා භාරගැනීම් සිදු කෙරෙන බව සඳහන්.

පසුගිය 26 වනදා ආරම්භ කළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අනිද්දා (11) මධ්‍යහ්න 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

කෙසේ වෙතත්, ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පළාත්පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads