Global Platform For All Sri Lankans

රටින් එන පාස්පෝට් ගැන බලන්න , පෝලන්තයට ගිය ලොක්කෝ..

 

විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන්, මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එම දෙපාර්තමේන්තුව අසල තවමත් දිගු පෝලිම් දක්නට ලැබෙනු ඇති.

මෙම තත්ත්වය හේතුවෙන්, ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දිනයක් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය ද තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත්, නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ඔක්තෝම්බර් මස 25 වනදා මෙරටට ලැබෙනු ඇති බටටයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව, එදිනට හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads