Global Platform For All Sri Lankans

” අපි එන්නේ ඔයාලගේ දේවල් ගන්න නෙමෙයි ” ඇත්තම කියපු අනුර..

 

ජනතාවට සැබෑ ලෙසම සහාය දක්වන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, අනුර කුමාර දිසානායක පවසනවා.

ඊයේ (09) තඹුත්තේගම පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ අදසක් ඵලකලා.

“අපි එන්නේ ඔබ සතුව තිබෙන දේවල් ගන්න නෙමෙයි. ඔබ සතුව ඇති තව දේවල් වැඩි කරන්න. ඔබට එක එළදෙනක්නම් ඉන්නේ ඒක පට්ටියක් කරන්න උදව් කරන්නම්. ඔබ වගාකරන්නේ අක්කරයයි නම් අක්කර දෙක තුනක් කරගන්න උදව් කරන්නම්. ඔබ එක කඩයයි නම් දාලා තියෙන්නේ, තව නගර කිහිපයක කඩ අරින්න උදව් කරන්නම්. ඔබ ලංකාවේ විතරක් නම් ව්‍යාපාර කරන්නේ අපි ලංකාවෙන් එළියට ගිහින් ව්‍යාපාර කරගන්න උදව් කරන්නම්. ඒකටයි අපි එන්නේ. ඒගොල්ලෝ ආවේ රට දුප්පත් කරලා එයාලා පොහොසත් වෙන්න. ඒගොල්ලෝ කැමති හදන්න නෙවෙයි ගේන්න. ගේන තරමට කොමිස් එක හොඳයි. ඉන්දියාවෙන් බිත්තරක් ගේනකොට කොමිස් එක කෝටි අටයි. බිත්තර කෝටියක් ගෙනාපුවාම කොමිස් එක කෝටි අටයි. කුකුල් කර්මාන්තය දියුණු කළොත් ඇමතිට වැඩක් නැහැ. බිත්තර ගේන්න ගියොත් ඇමතිට හොඳයි. කන්තලේ, හිඟුරාන වහලා සීනි ගෙනාවා. බද්ද එහෙට මෙහෙට කළා කෝටි 1,500යි. ගේන තරමට එයාලට ලාභයි. පොල්තෙල් ගෙනාවා පොල්තෙල් බදු වංචාව කෝටි 350යි. ඒ අය කවදාවත් හදන්න නෙමෙයි කල්පනා කළේ ගේන්න. හැබැයි අපි ලෑස්තියි රටේ හදන්න පුළුවන් හැමදේම හදන්න. සහයෝගයෙන් වැඩ කරන්න. පෙට්‍රල් ෂෙඩ්, බාර්, වැලි තොටුපොළවල් දාන්න අපි එන්නේ නැහැ. අපි එන්නේ ව්‍යාපාර කරන්න. ඔබ නිෂ්පාදනය කරන්න, ව්‍යාපාර කරන්න පටන්ගන්න. අපි ඒ සියල්ලට සහාය දෙන්නම්.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads