Global Platform For All Sri Lankans

කේට් කුමරිය පිළිකාව පරද්දපු හැටි..

 

පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කළ බවත්, ඉදිරි මාසවලදී නැවතත් රාජකීය වැඩකටයුතු සඳහා සීමා සහිතව සහභාගීවීමට බලාපොරොත්තුවන බවත්, බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය සඳහන් කර තිබෙනවා.

තමන් පිළිකා රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබූ බවත්, මින් ඉදිරියට නිරෝගීව සිටීමට අවධානය යොමුකරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

එසේම, බ්‍රිතාන්‍ය අනාගත රැජිනිය වන 42 හැවිරිදි කේට් මිඩ්ල්ටන් කුමරිය වීඩියෝ පණිවුඩයක් තැබූ දෙවන අවස්ථාව මෙය වන අතර, තමාට පිළිකා රෝගය වැළඳී ඇති බවට වෛද්‍යවරුන් සොයා ගත් බව පළමු වරට පසුගිය මාර්තු මාසයේදී වීඩියෝ පණිවුඩයක් තබමින් ඇය සඳහන් කළා.

ගිම්හාන කාලය අවසාන වීමත් සමඟ කිමෝතෙරපි ප්‍රතිකාරය අවසන් කිරීමට හැකිවීමෙන් ලද සැහැල්ලුව වචනයෙන් කීමට නොහැකි බවත් පසුගිය මාස 9 ක කාලය සිය පවුලට ඉතාමත් අසීරු කාලයක් වූ බවත් කේට් කුමරිය සඳහන් කර තිබෙනවා.

තවද, ජීවිතය ක්ෂණයකින් වෙනස් විය හැකි බවත් එවන් අවස්ථාවකදී නොදන්නා මාවත්වල කුණාටුවලට මුහුණ දෙමින් ගමන් කිරීම සඳහා ක්‍රමයක් සොයාගත යුතු බවත්,

පිළිකා ගමන සෑම කෙනෙකුටම සංකීර්ණ, බියජනක සහ අනපේක්ෂිත එකක් බවද ඇය සඳහන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads