Global Platform For All Sri Lankans

” ඔයාලා දුවලා ගියා. මට භාරදුන්නා. දැන් මම භාරගත්ත රට ගෙනියන්නේ. ” රනිල්

 

රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනතාව නිවැරදි තීරණයක් නොගතහොත්, රට තුළ යළිත් ආර්ථික අර්බුදයක් හටගනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින් ජනපතිවරයා මෙලෙසයි..

“වෙළෙඳාමයි, ගොවිතැනයි නැති වුණොත් මුස්ලිම් ජනතාව ඉවරයි. ඉතින් මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න කාටද වෙළෙඳාම දියුණු කරන්න පුළුවන් ? කාටද ගොවිතැන දියුණු කරන්න පුළුවන් කියලා. ඒ ගැන හිතලා ඡන්දෙ දෙන්න. ජීවන බර වැඩියි කියනවා. හරි මමත් පිළිගන්නවා. රුපියල තව ශක්තිමත් කරලා ඊළඟ අවුරුද්දේ ජීවන බර තවත් සැහැල්ලු කරනවා. ජීවන බර වැඩියි කියන සජිත්ගෙනුයි, අනුරගෙනුයි අහනවා ඇයි මේක භාරගෙන ජීවන බර අඩුකළේ නැත්තේ? ඔයාලා දුවලා ගියා. මට භාරදුන්නා. දැන් මම භාරගත්ත රට ගෙනියන්නේ. ඉතින් ඔයාලට ද ආපහු ආර්ථිකය භාරදෙන්නේ. කොච්චර අමාරු වුණත් 2022, 2023 යල කන්නයේ, 2023 මහ කන්නයේ, 2023 – 2024 යල කන්නයේ, 24 මහ කන්නයේ ඔක්කෝගෙන්ම සල්ලි හම්බවුණා. ඊළඟ යල කන්නයටත් සල්ලි හම්බවෙනවා. මම ලෝක බැංකුවට කතා කරලා, සමන්තා පවර්ට කතා කරලා වැඳලා මේ ගත්ත පොහොරවලින් ඒක දීලා තිබුණේ. ඒ වෙලාවේ කොහේ ද සජිත් හිටියේ, කොහේද මුස්ලිම් කොංග්‍රසය හිටියේ. ඔයගොල්ලන්ට ද ඡන්දේ දෙන්නේ. ඉල්ලෙයි…ඉල්ලෙයි…එහෙම නම් අනාගතය දිහා බලලා සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න. නැත්නම් ගෑසුත් නෑ, අනගතයත් නෑ.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads