Global Platform For All Sri Lankans

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, 2024 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා..

 

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටයි.

එහි අනුග්‍රාහක ගිවිසුම් අත්සන් කිරීම සහ වෙළඳ කුටි බෙදාදීම ද පසුගිය දා සිදු කෙරුණා.

මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත්, මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය වන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සඳහන් කරන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads