Global Platform For All Sri Lankans

අනියම් පෙමට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ එයාට..

 

ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස තිබි පසුගිය (10) දින හමු වු බිළින්දියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කල පශ්චාත් මරණ පරික්ෂණයේදි බිළින්දිය ඉපදුණු විටම වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට තහවුරු වි ඇති බව ආගරපතන පොලිසිය පවසනවා.

ඉකුත් (10) දින එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයකින් දුගන්ධයක් හැමිම සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරුගේ මව විසින් පරික්ෂා කර බැලිමේදි ත්‍රිරෝද රථයේ පිටුපස තිබු පොලිතින් බැගයක පරික්ෂා කර බැලිමේදි එම බෑගය තුල කුඩා බිළින්දියෙකුගේ සිරුරක් තිබෙන බවට දැකිමෙන් පසු ඇය කැගසමින් අසල්වාසින්ට දැනුම් දී තිබෙනවා.

සිරුර සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථයේ 28 හැවිරිදි එක්දරු පියෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙන්නේ ඉන් අනතුරුවයි.

එහිදී අනාවරණය වී ඇත්තේ, එය මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බවයි.

ඒ අනුව, අදාළ 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී, සැකකාර රියදුරු සහ තමන් අතර තිබු අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බිළින්දිය මෙලොවට බිහි වු බවට ඇය පවසා තිබෙනවා.

ඉකුත් (05) දින තමන් සේවය කල මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළින්දිය මෙලොවට බිහි වු බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැගවීම සදහා ත්‍රිරෝද රථ රියදුරා සමග ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව සැකකාර කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

අළුයම් කාලයේ සිරුර වල දැමීමට සැලසුම් කර තිබුණද, ඊට පෙර තම මව සිරුර දැක අසල්වාසින්ට දැනුම් දීම නිසා සිරුර වල දැමීමට නොහැකි වු බව ත්‍රීරෝද රථයේ රියදුරාද පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකාර රියදුරා සහ සැකකාරිනිය අද (12) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads