Global Platform For All Sri Lankans

අනවසරයෙන් ගුවන්යානයකට ගොඩවීමට තැත්කළ තරුණයෙකු අත්අඩංගුවට

 

කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස්, ගුවන් යානා අංගනය තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ තරුණයෙකු (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තරුණයා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, සාන්ත ජෝශප් වීදියේ පදිංචි පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවටයි සඳහන් වන්නේ.

මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස්, ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා (12) දින අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1172 දරන ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads