Global Platform For All Sri Lankans

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි..

 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 31 වැනිදා රැස්වූ නීතීඥ මණ්ඩල රැස්වීමේදී ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්නට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් ද සම්මත කෙරුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර වු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් නිකුත් කර ඇති අතර, ඉන් අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඊට අදාළ ගනුදෙනුවලදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවටයි.

එම ගනුදෙනුවලදී කොන්ත්‍රාත් කටයුතු සහ පර්යේෂකයින් තෝරා පත් කර ගැනීමේ කාර්යය ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න හට පැවරී තිබු බව සඳහන්.

ඔහු මෙම කටයුත්තේදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප නීතීඥ අනුර මැද්දෙගොඩ පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads