Global Platform For All Sri Lankans

” මම අදත් ලෑස්තියි ඇයි වාද කරන්න බැරි? මොකක්ද හංගගෙන ඉන්නේ? ” ජනපති

සැප්තැම්බර් 21 වැනිදා ජනතාව සිය යුතුකම ඉටු කරන්නේ නම් ශ්‍රී ලංකාවට වැල් පාලමේ ගමන අවසන් කර ඉන් පිටතට යා හැකි බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

වැල්ලවායේ ඊයේ (16) පැවති ‘රනිල්ට පුළුවන්’ ජන රැලියට එක්වෙමින් ජනපතිවරයා මේ බව සඳහන් කළා.

“මම මේ රටේ ප්‍රශ්නවලින් 50%කට වඩා විසඳලා දැන් මේ ඉදිරියට ගෙනල්ලා තියන්නේ. අපි තව ඉදිරියට යන්න ඕනේ. කැමතිද රුපියල ආපහු බාල්දුවෙනවාට, පෝලිමේ ඉන්න කවුරුවත් කැමති නෑ. ඒක ඉදිරියට ගෙනියන්නයි ‘පුළුවන් ශ්‍රී ලංකා’ වැඩසටහන ගෙනත් තියෙන්නේ. 

තාම වැල් පාලමේ ඉන්නේ තව 25%ක් විතර යන්න තියෙනවා. දැන් වැල් පාලම ටිකක් හෙලවෙනවා. ඒත් අපි හරියට යනවානම් මතක තියාගන්න සැප්තැම්බර් 21 අපේ යුතුකම ඉටු කරනවා නම් අපිට මේ වැල් පාලමෙන් එළියට පනින්න පුළුවන්.

අනික් ප්‍රශ්නේ තියන්නේ තමයි මෙතන නතාලියාලා දෙන්නෙක් ඉන්නවා ළමයාව ගන්න. ඒකයි වෙලා තියෙන්නේ. දෙන්නම කතා කරන්න පුළුවන්, වැඩ කරන්න බැහැ. මොකක්ද වෙන්නේ ලෑස්තිද රට ආපහු භාර දෙන්න මේ පුද්ගලයන්ට? 

අපි ඉදිරියට යනවානම් IMF සහයෝගය එක්ක යන්න ඕනේ. ඒ සහයෝගය දැන් දීලා තියන්නේ දැන් ආණ්ඩුව කරන වැඩසටහනට කියලා මම කියන්න කැමතියි. මේ ගැන කියුවාම අනුර කුමාර හිටපු කෘෂිකර්ම ඇමතිතුමා කියනවා විවාදයකට එන්න කියලා. මම තාම බලාගෙන ඉන්නවා ආරාධනාව එනකම්. මම ලෑස්තියි කියුවා. මම අදත් ලෑස්තියි ඇයි වාද කරන්න බැරි? මොකක්ද හංගගෙන ඉන්නේ? 

සජිත්ගේ හැටි මොකක්ද ඕන එකක් නොමිලේ දෙන්න ලෑස්තියි. දැන් ඕගොල්ලොන්ට හිසරදයකුත් නොමිලේ දෙයි. මම කියන්නේ ඒ අයට දෙනවාද? 

අපිට තියෙන්නේ එකයි. මේ ගමන අපි යමු අමාරුවෙන් අපි මෙතනට ආවා. ඔබලා කොහොම හරි මම මෙතනට ගෙනාවා. අපි ඉතුරු ටික ඒ ගමන අවසන් කරමු, ගමන අවසන් කරලා රට දියුණු කරමු, හොඳ අනාගතයක් ලබා දෙමු මේ තරුණයන්ට “

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads