Global Platform For All Sri Lankans

” 21, ගැටුම්කාරී වාතාවරණයක් ? “දේශප්‍රේමී ජන බලවේගයෙන් විශේෂ ඉල්ලීමක්..

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 දිනට ප්‍රථම හෝ පසුව ශ්‍රී ලංකාවේ ගැටුම්කාරී වාතාවරණයක් උද්ගතවිය හැකි බව සඳහන් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනය පිළිබඳ අවධානය යොමු කරමින් විය හැකි අනර්ථයන් වළක්වා ගැනීමට වහා පියවර ගන්නැයි දේශප්‍රේමී ජන බලවේගය පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවා පතිරණ ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 දිනට ප්‍රථම හෝ පසුව ලංකාවේ ගැටළුකාරී වාතාවරණයක් උද්ගත විය හැකි බව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන හෝ ජීවත්වන අමෙරිකානු වැසියන් හට අවවාදාත්මක නිවේදනයක් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළා.

 

 

කෙසේ වෙතත්, නීතිය හා සාමය සුරැකීම සඳහා උපරිමයෙන් කටයුතු කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවයි දේශප්‍රේමී ජන බලවේගය වැඩිදුරටත් සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads