අද (03) දිනයේ දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.
ඒ අනුව, අදට යෙදෙන ලෝක අමද්‍යප දිනයට සමගාමීව , දිවයිනේ සියලුම සුරාසල් වසා තැබෙනු ඇති.
එමෙන්ම අද දිනයේ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බවටද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
Author: Lanka Hit News
Post Views: 399