දග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට මාස හයක අත්හිට වූ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ, අයි.සී.සී. දූෂණ විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) උල්ලංඝනය කළ බවට ඔහු පිළිගැනීම හේතුවෙන්, එම සංග්‍රහයේ 2.4.7 වගන්තිය කඩ කර ඇති බව සඳහන් කරමින්.
විමර්ශනයට අදාළ විය හැකි සාක්ෂි හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම ඇතුළුව පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනා ප්‍රවීන් ජයවික්‍රමට විරුද්ධව ගොනු කර ඇති චෝදනාවන් අතර වනවා.
Author: Lanka Hit News
Post Views: 405