Global Platform For All Sri Lankans

Lanka Hit News

පුටුවට විරෝධය පාන , නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි

 

පොදුජන එක්සත් පෙරමුණ නමැති දේශපාලන සන්ධානය පුටුව ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණය සදහා නාම යෝජනා ලබා දුනහොත් ඒ පිළිබදව දැඩි ලෙස විරෝධතාවය ප්‍රකාශ කරන බව සදහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ප්‍රධාන ලේකම්වරයා ලෙස තමන් සහ අනෙකුත් පක්ෂවල නියෝජිතයන් කිසිදු දැනුවත්භාවයක් නොමැතිව පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව නීති විරෝධී සහ වංචනික ලෙස සංශෝධනය කර නව නිළධාරී මණ්ඩලයක්ද පත්කර ගෙන ඇති බවත්,මේ සම්බන්ධව ඉදිරියේදී නීතිමය ප්‍රතිපාදන තුළ ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් දයාසිරි ජයසේකර මෙම ලිපිය මගින් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වංචනික ලෙස ඉදිරිපත් කර ඇති සංශෝධිත ව්‍යවස්ථාව පිළිනොගන්නා ලෙස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව පවතින නඩු කටයුතු අවසන් කර අවසාන තීන්දුවක් ලැබෙන තෙක් පොදුජන එක්සත් පෙරමුණ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නා ලෙසද ප්‍රධාන ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads