බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් වුණා.
ඒ දෙරට අතර පැවති තෙවන සහ අවසන් තරගය කඩුලු 09කින් ජයගැනීමත් සමඟයි.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 162ක්.
එහිදී නායක රොමෙන් පවෙල් ලකුණු 37ක් ඝඩාක්ෂ් මෝටි ලකුණු 32ක් සහ බ්‍රැන්ඩන් කිංග් ලකුණු 23ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවා ගැනීමටයි සමත් වුණේ.
අනතුරුව, ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා.
එහිදී කුසල් මෙන්ඩිස් නොදැවි ලකුණු 68ක් සහ කුසල් පෙරේරා නොදැවි ලකුණු 55ක් රැස්කර ගත්තා.
පැතුම් නිස්සංක ලබාගත් ලකුණු සංඛ්‍යාව 39ක්. පන්දුයැවීමේදී ඝඩාක්ෂ් මෝටි එක් කඩුල්ලක් බිඳ හෙළුවා.
තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස පැතුම් නිස්සංක සම්මාන දිනා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජයගත් පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මෙය වීමත් විශේෂත්වයක්.
ඒ අනුව, ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් සියලු කණ්ඩායම්වලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියක් ජයගැනීමට සමත් වී තිබෙනවා.