Global Platform For All Sri Lankans

Lanka Hit News

ලෝක පූජිත රෆායල් නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි

ස්පාඤ්ඤ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් සිය වෘත්තීය ටෙනිස් දිවියට සමුදී තිබෙනවා.

ඒ, මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් ස්පාඤ්ඤයට ඉවත් වීමට සිදු වීමත් සමගයි.

රෆායල් නඩාල්, කාලෝස් අල්කරේස්, මාර්සෙල් ග්‍රානොලර්ස් ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කළා.

එහි අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වුයේ නෙදර්ලන්තයයි.

මෙම තරගාවලියේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේදී නඩාල් නෙදර්ලන්තයේ බොටින් වැන්ඩර් ෂැන්සුප් සමග තරඟ කළ ද වට 2ට 0ක් ලෙස ඔහුට පරාජයට පත් විමට සිදු වුණා.

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ඔහුගේ වෘත්තීය ටෙනිස් දිවියේ අවසන් තරගාවලිය වනු ඇති බව පසුගිය ඔක්තෝබර් 10 වැනි දා රෆායල් නිවේදනය කර තිබූ අතර ඔහු සිය වෘත්තීය දිවියට සමුදෙන්නේ ලොව දෙවැනි සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා ලෙසයි.

2001 වසරේදී සිය වෘත්තීය ටෙනිස් දිවිය ආරම්භ කළ නඩාල් ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 22ක් දිනා සිටි අතර කලක් ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැඳී සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads