දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත වාර්තාවක් තැබීමට සමත් වුණා.
ඒ ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත අඩුම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියේ ලකුණු 42කටයි.
අද(28) දිනය ආරම්භ වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 191 ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 42ක් පමණයි.
ඒ අනුව අද තරගය වාර්තා පොත් අතරට යමින් ඉතිහාස ගත වන්නේ ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත අඩුම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්.